Skip to main content

Posts

Showing posts from June, 2021

ධ්‍රැවාසන්න ප්‍රදේශවල වෙසෙන සතුන්ගේ අනුවර්තන

ආක්ටික් සාවාගේ අනුවර්තන තුන්ද්‍රා පරිසරයේ ජීවත් වන තවත් සත්ත්ව විශේෂයක් වන්නේ ආක්ටික් සාවා යි. මේ සාවුන් විශේෂයටත් ලොව ජීවත් වන වෙනත් සාවුන් විශේෂවලට වඩා දිගට වැවුණු ලෝම පිහිටා තිබෙනවා. මේ නිසා යම් පමණකට කටුක ශීතලෙන් ඔවුන් ආරක්ෂා වෙන අතර චර්යාමය වශයෙනුත් ඔවුන් ශීතලෙන් දැනෙන බලපෑම අවම කරගන්නවා.  මේ සාවුන් නිතරම විශාල රංචු වශයෙන් එකට සිටින අතර සමහර විටෙක මොවුන් රංචුවක සාවුන් සිය ගණනක් සිටිනවා. මේ හේතුවෙන් එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය කරණකොට ගෙන ශීතලෙන් ඔවුනට වන බලපෑම අවම වෙනවා. ආක්ටික් ලේනන්ගේ අනුවර්තනය ආක්ටික් වෘත්තය තුළ ජීවත් වන ආක්ටික් ලේනුන් අධික ශීතලෙන් ආරක්ෂා වීම සඳහා අපූරු ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ එක දිගට මාස 7ක් පමණ නිදා ගැනීමෙනුයි. ආක්ටික් වෘත්තයට මාස 7ක පමණ දීර්ඝ මෙන්ම කටුක ශීත සමයක් එළැඹෙන අතර, ඒ කාලයට පෙර පරිසරයෙන් විවිධ තාප පරිවාරක ද්‍රව්‍ය සොයාගෙන, ඒවායෙන් තම කූඩුව සම්පූර්ණයෙන් ආවරණය කරගන්නා ඔවුන් ශීත සමය එළඹීමත් සමග දීර්ඝ නින්දකට පිවිසෙනවා.  මෙහිදී ඔවුන්ගේ ශරීරවල පරිවෘත්තීය ක්‍රියා සෑහෙන තරමකින් අඩපණ වන අතර හෘද ස්පන්දනයත් විශාල ලෙස පහළ බහිනවා. ඔවුන්ගේ ශරීර උෂ්ණත්වයත් සෙල්සියස්

Axototl (මෙක්සිකානු ඇවිදින මාළුවා)

➤Axototl මොවුන් Ambystoma mexicanum, mexican walking fish (මෙක්සිකානු ඇවිදින මාළුවා) ලෙස හඳුන්වයි. මාලුවෙක් ලෙස හැඳින්වුවත් මොවුන් මාළුවන් නොවන අතර උභයජීවී ගණයට අයත්වන සත්ත්වයෙකි. වැඩුණු axototlලා නාසයේ සිට වලිගයේ අග දක්වා දිග අඟල් 12 ක් (සෙ.මී. 30) පමණ වන අතර බර අවුන්ස 10.5 (ග්‍රෑම් 300) පමණ වේ. මොවුන්ගේ හැසිරීම ඉතා ආක්‍රමණශීලි එකකි. මොවුන් එකිනෙකා සමග ආක්‍රමණශීලි ලෙස හැසිරෙමින් එකිනෙකාගේ පාද , තැල්ල හා වලිගය ආදිය සපාකයි. නමුත් විශේෂත්වය නම් ඔවුන්ගේ එම අවයව නැවත උත්පාදනය වීමයි.  පණුවන්, කෘමී කීටයන් හා සමහර මාළු වර්ග ආහාරයට ගනිමින් වසර 15ක්‌ පමණ ජිවිත කාලයකට උරුමකම් ඇති මොවුන් මෙක්සිකෝවේ Xochimilco හා Chalco යන විල් ආශ්‍රිතව ජීවත් වේ. ජනගහන වර්ධනයත් සමග සිදුවන ජල දුෂණය හේතුවෙන් මොවුන්ගේ ව්‍යාප්තිය පසුබෑමකට මෙන්ම තර්ජනයට ලක්ව ඇත. මූලික වර්ණ 5කින් සමන්විත මොවුන් සුරතල් සතුන් ලෙස ඇතිකිරීමට මෙක්සිකෝව ඇතුළු රටවල පුද්ගලයන් කැමැත්තක් දක්වයි. සාමාන්‍යයෙන් ඩොලර් 20 ත් 70 ත් අතර මුදලකට අලෙවි වන මොවුන්ගේ කුඩා විශේෂයන්ට අඩු මිල ගණන් ඇත.  ඇතිකිරීමේදී මොවුන් ටැංකියකට පමණක් සීමා වී ඇති බැවින් ඔවුන්ගේ

අයාම් සෙමානි (Ayam Cemani) (කළු කුකුළන්)

➤අයාම් සෙමානි (Ayam Cemani) අයාම් සෙමානි කියන නමින් හඳුන්වන මුළු ශරීරයම කළු පැහැ ගැන්වුණ මෙම කුකුල් විශේෂයේ අභිජනනය ආරම්භ වෙන්නේ ඉන්දුනීසියාවෙන්. මෙම සත්ව විශේෂය එතරම් විශාල නොවේ. වැඩුණු සත්වයෙක් උපරිම වශයෙන් කිලෝ 2.5ක් පමණ වෙයි.  එමෙන්ම මොවුන් අනෙක් කුකුලන් මෙන් වැඩිය බිත්තර දමන්නේද නැත. වාර්ෂිකව බිත්තර 80ක පමණ ප්‍රමාණයක් පමණක් මොවුන් සපයනු ලබයි.  මොවුන් සම්බන්ධව ඇති වැදගත්ම කරුණ නම් පිහාටු, හොට, දිව, ඇටකටු, අභ්‍යන්තර අවයව මෙන්ම මොවුන්ගේ මාංශද කලු පැහැයක් ගැනීමයි. එයට හේතුව හයිපර්පිග්මන්ටේෂන් නම් ජාන වෙනස්වීමයි.  ඉන්දුනීසියාවේ වැසියන් මේ සත්ව විශේෂය ගැන යම් යම් අන්ධ විශ්වාසයන් පවා තබාගෙන ඉන්නවා. ඔවුන් විශ්වාස කරන අන්දමට මේ සත්වයන්ට යම් ඉන්ද්‍රජාලික බලයක් ඇති බවත් මේ සත්වයන් බිල්ලක් වශයෙන් පිදූ විට දෙවියන් සතුටු කිරීමට හැකියාවක් තිබෙන බවත් ඉන්දුනීසියානුවන්ගේ මතයයි. කෙසේ නමුත් කලාතුරකින් මොවුන් මෙම සත්ව මාංශ ආහාරයට ගනු ලබන්නේ අනුසස් ලැබීමේ අරමුණින් බවත් සඳහන් වෙනවා...

මුහුදු පතුලේ දූපත් ගොඩනංවන parrotfish

මුහුදු පතුලේ දූපත් ගොඩනංවන parrotfish ජනපද ලෙස වැඩෙන ‘කොරල්පර’ ස්වභාව ධර්මයේ අද්විතීය ජීව ව්‍යුහයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් කොරල්පරයක් නිර්මාණය වන්නේ බිලියන ගණනක් වූ කුඩා බහුපාදීන් එක්වීමෙන් නිම වූ දැවැන්ත කැල්සයිට් තට්ටු හේතුවෙන්. නමුත් බෙල්ලන්, මත්ස්‍යයින්, මුහුදු හතු සහ මුහුදු ඉකිරියන් බොහෝ විට මෙසේ නිර්මාණය වූ කොරල්පර ටිකෙන් ටික සපා කෑම හේතුවෙන් ඒවා ඛාදනයට ලක් වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නැවත හැඩගැස්විය (reshape) හැකි මුහුදු වැලි සහ ඇතැම් විටෙක කුඩා දූපත් පවා නිර්මාණය වීම යි. නමුත් මුහුදු පතුලේ දූපත් ගොඩ නැංවීම සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගිරා මාළුන් හෙවත් parrotfish විසින් බව යි සඳහන් වන්නේ. බාහිර ජෛව ඛාදන නියෝජිතයන් (external bio erosion agents) ලෙස කටයුතු කරන ඔවුන් කොරල්පර ලෑටිගෑමේ අතුරු ඵලයක් ලෙස විශාල වශයෙන් කාබනේට් අවසාදිත නිෂ්පාදනය කිරීම සිදු කරනවා. 2015 වර්ෂයේ දී ඇමෙරිකානු භූ විද්‍යා සංගමය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ සෑම වර්ෂයක දී ගිරා මාළුන්ගේ කාබනේට් අවසාදිත රාත්තල් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් මාල දිවයින සතු වාක්කාරු දූපතට අ

කාකපෝ ගිරවා

කාකපෝ ගිරවා  ගිරවුන් අතරින් අලසම හා පියාසර කිරීමේ හැකියාවෙන් තොර මෙම ගිරවුන් නිශාචර ගිරා විශේෂයකි. රාත්‍රී කාලයේ ආහාර සොයායන නිසාත්, මුහුණේ බකමුනෙකුගේ බඳු පිහාටු මඩලක් ඇති නිසාත් මොවුන් "බකමුණු ගිරවා" (owl parrot) ලෙස ද හඳුන්වයි. දිගින් අඩි දෙකක් පමණ වන අඳුරු පැහැති ඉරි සහිත සිරුරක් හිමි මොවුන් මේ වන විට ලොව දුලබම ගිරා විශේෂයක් ලෙස සැලකෙයි. දිවා කාලයේ ගස් වල මුල් මත තිබෙන ස්වභාවික කුහර තුළ ලැග සිටින කාකපෝ ගිරවා වනබිම් හා තෘණබිම් මත රිසිසේ දිවයමින් රිසි ප්‍රදේශවලට ගමන් කරයි. මෙලෙස ගමන් කරන අතර එම මාර්ගය යලි සොයාගැනීම සඳහා මග දෙපස කුඩා ශාක හොටයෙන් කපාදැමීම කාකපෝ ගිරවුන්ගේ සුවිශේෂී පුරුද්දයි.  ලපටි ශාක පත්‍ර , කුඩා ඵල වර්ග මොවුන්ගේ ප්‍රියතම ආහාරයයි. පලතුරු වල යුෂ මිරිකා බීමෙන් පසු එය රොඩු ගුලියක් ලෙස ඉවත දැමීමද සුලභ පුරුද්දකි. අභිජනන සමය ජනවාරි සිට මැයි දක්වා කාලයයි. සුදු පැහැති බිත්තර 2-4 පමණ වරකට බිජෞෂණය (බිත්තර රැකීම) කරයි. ගස්වල මුල් අතර ස්වභාවික ගල් හෝ තමා විසින් හාරාගන්නා ලද ගුල් වල බිත්තර රැකීම කරයි. නවසීලන්තයේ වෙරළ, වනාන්තර (beech fagus) වල පමණක් මොවුන් ජීවත් වේ. ✎ ꜱʟ ᴀɴ

මත් වෙන්න හතු සොයන පිනිමුවා

මත් වෙන්න හතු සොයන පිනිමුවා නැගෙනහිර යුරෝපයේ ජීවත්වන පිනිමුවන් විශේෂයක් අතරේ එක්තරා හතු විශේෂයක් ප්‍රචලිත වෙලා තිබෙනවා. ඇමනීටා මුස්කරියා ලෙසින් හඳුන්වන මේ හතු විශේෂය, දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. මිනිසුන්ට මාරාන්තික වන මේ හතු විශේෂය අනුභව කිරීමෙන් කරකැවිල්ල සහ මනෝ භ්‍රාන්තිමය තත්ත්වයක් හරහා ගොස් මරණීය ප්‍රතිඵල අත්කර දෙනවා.  මිනිසුන්ට මේ හතු කොතෙක් විෂ සහිත වුණත්, පිනිමුවන්හට මේ හතු පහසුවෙන් හා අනතුරකින් තොරව ජීර්ණය කිරීමේ හැකියාවක් තිබෙනවා. හිම තට්ටුවලට යටවුණු මේ හතු විශේෂය ඔවුන් පාදවලින් හාරා මතු කරගෙන ගිජු ලෙස අනුභව කරන්නේ, මෙම ඇමනීටා විෂ පිනිමුවන්ට මහත් ප්‍රමෝදයක් අත්කර දෙන මත්කාරකයක් ලෙස ක්‍රියා කරන නිසා යි.  ඇමනීටා හතු සහ පිනිමුවන් අතර තිබෙන සබැඳියාව ගැන වීඩියෝව මෙතනින් නරඹන්න. . https://www.youtube.com/watch?v=MkCS9ePWuLU

පෆර් මත්ස්‍යයින් සහ ඩොල්ෆින්

පෆර් මත්ස්‍යයින් සහ ඩොල්ෆින් පෆර් මත්ස්‍යයින් මුහුදේ ජීවත් වන විෂ සහිත මාළු විශේෂයක් (ලංකාවේ පේත්තයින් වැනි). මොවුන් කලබලයට හෝ අනතුරක සේයාවක් දැනුණ විට තම ශරීරය බැලුමක් ආකාරයෙන් පුම්බා ගන්නවා. එවිට ඔවුන්ගේ ශරීරයේ තිබෙන කටු වැනි ව්‍යුහයන් ඉදිරියට නෙරන්නේ කටු පිරුණු බෝලයක් සිහියට නංවමින්. මේ කටු මිනිසුන්ට පවා ඉතා විෂ සහිත වන අතර, කටු ඇනුණු විට නිසි ප්‍රතිකාරවලට යොමු නොවුණහොත් මරණය පවා ඇතිවිය හැකියි. පෆර් මත්ස්‍යයින්ගේ මේ අපූරු සන්නාහය නිසා විලෝපිකයන් ලෙහෙසියෙන් මේ මාළුන් වෙත ළඟාවෙන්නේ නැහැ. නමුත් ඩොල්ෆින් ඉදිරියේ පෆර් මත්ස්‍යයින් ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්වෙනවා! සත්ත්ව විද්‍යාඥයින් පෆර් මත්ස්‍යයින් හමුවේ ඩොල්ෆින් රංචු දක්වන අපූරු හැසිරීම් රටාවක් නිරීක්ෂණයකොට තිබෙනවා. ඒ අනුව තම විෂ කටු විදහාගත් පෆර් මත්ස්‍යයෙක් හමුවූ විට ඩොල්ෆින්ලා ඔවුන්ව මෘදු ලෙස සපාකෑමකට ලක්කරනවා. අනතුරුව තම රංචුවේ අනිත් සාමාජිකයන් අතර මේ පෆර් මත්ස්‍යාව හුවමාරු කරගන්නවා. ඩොල්ෆින් කියන්නේ සහජයෙන්ම බොහොම බුද්ධිමත් සතුන් කොට්ඨාශයක්. ඔවුන්ටත් මේ පෆර් මත්ස්‍යයන්ගේ විෂ මාරාන්තික විය හැකි නමුත්, සුළු ප්‍රමාණවලින් එම විෂ තම ශරීරය

➤ ගැට කිඹුලන් (Saltwater Crocodiles)

➤ ගැට කිඹුලන් (Saltwater Crocodiles)  මේ ඡායාරූපයේ සිටින්නේ ප්‍රමාණයෙන් විශාලත්වය කියන නිර්ණායකයේ පළමු තැන ගන්න කිඹුල් විශේෂයට අයත් සාමාජිකයෙක්. සංසන්දනාත්මක ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් අසල සිටින මනුශ්‍යාගෙන්.  මේ විශේෂය අපි විද්‍යාත්මකව හඳුන්වනවා Crocodylus porosus ලෙස. සෝල්ටීස් කියා කෙටියෙන් හඳුන්වනවා ඉංග්‍රීසී භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හඳුන්වන්නේ මොවුන්ව. ලංකාව ඉන්දියාව ඇතළු ඉන්දු පැසිපික් සහ ඔස්ට්‍රේලියානු මහද්වීපය පුරාම මොවුන්ගෙ පැතිරීම තියෙනවා. අතිශයින්ම දරුණු වගේම ඉතාමත් නිවැරදි ඉලක්ක ලබාගන්න විලෝපිකයෙක් තමයි ගැට කිඹුලා. ඔවුන් නිරන්තරයෙන්ම සතුන් ගැවසෙන දිය බොන ස්ථානයන් නිරීක්ෂණය කරමින් සතුන්ගෙ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු තමයි පහර දෙන්නෙ. ලංකාවෙ ඉන්න අනෙක් විශේෂය නම් මෙතරම් විශාල වන්නෙ නෑ. ඔවුන්ව හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙස (Crocodylus palustris) / Mugger crocodiles.  මිලියන ගනනාවකට දිවෙන ප්‍රාග්ඓතිහාසික යුගයන්වල සිටම මේ විශේෂයන්ගෙ ආදිතමයන් දැරූ දඩයම් උපක්‍රම එතරම් දුරකට වෙනස් වෙලා නැහැ ඊට හේතුව වන්නෙ ඔවුන් එතරම්ම සාර්ථක දඩයම්කරුවන්. ජීවත්වන පාරිසරික නිකේතන සඳහ

මොසේසෝර්

මොසේසෝර් ජුරාසික් සහ ක්‍රිටැසියස් අවධි වල උරගයන් පරිණාමික උච්චස්ථානයකට පැමිණි බව හැමෝම වගේ දන්න කාරණයක්. ඩයිනෝසරයන් ලෙස විකරණය වෙමින් ඔවුන් පෘථෘවිය පුරාම ප්‍රමුඛ සත්ව වර්ගයට පත්වුනා. ඒ කාලේදිම ඔවුන්ගෙ වර්ගයා ඉහල ආකාසයත් තමන්ගෙ අණසකට නතු කරගත්තා. මේ සියල්ලම ගොඩබිම තුල වෙද්දි සාගර කලාපයන් තුල තවත් සත්ව කාණ්ඩයක් ප්‍රමුඛයන් වීමේ ගමන අරඹලයි තිබුනේ. මේ සටහන ඔවුන් ගැන. 1764 වර්ශයේදි නෙදර්ලන්තයේ මස්ත්‍රිහ්ට් (Maastricht) ප්‍රදේශයේ මියුස් නදිය අසබඩ හුණුගල් පතලකින් ප්‍රථම වතාවට ලෝකයට නිරාවරණය වෙනවා දැවැන්ත සත්වයෙකුගෙ ෆොසිල. මියුස් නදියට ලතින් භාෂාවෙන් භාවිතාවන වදනය 'මොසා'. 'සෝරස්' කියන්නෙ ග්‍රීක භාෂාවෙන් 'උරගයා'. මොසා නදිය අසබඩ උරගයා ලෙස භෞතීස්මය ලබනවා "මොසෙසෝර්". මුල්කාලීන ක්‍රිටැසියස් අවධියෙදි ජීවත් වුන අර්ධ ජලජ වාසී උරගයෙක් වෙන ඒයිජියලෝසෝරිඩේ කියන උරග කාණ්ඩය පසුකාලීනව පරිණාමය වෙනවා සම්පූර්ණ ජලචර ජීවින් බවට. මේ නව ජීවින් තමයි මොසේසෝරයන්. දැන් ටෙක්නිකලි මේ සතුන් උරගයන්, හැබැයි පූර්ණ ජලජ ජීවිතයකට කොතරම් අනුවර්තනය වෙනවද කිව්වොත් සාමාන්‍යයෙන් උරගයන් සතු බිත්තර දැ

Horseshoe කකුළුවන්ගේ නිල්පාට ලේ

ගැලුමක් ඩොලර් 60,000 වටින Horseshoe කකුළුවන්ගේ නිල්පාට ලේ Horseshoe කකුළුවෙක් රුධිරය ලබාගැනීම අවුරුදු මිලියන 450 ක් පමණ පවතිනවා යැයි කියන Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ හිමෝග්ලොබින් වෙනුවට අඩංගු නැති අතර එමගින් ඔවුන්ගේ රුධිරයට අද්විතීය වර්ණයක් ලබා දෙයි. Horseshoe Crab වර්ගයේ කකුළුවන්ගේ රුධිරය වෛද්‍ය ක්ෂ්ත්‍රයට කොතරම් වටිනවාද යන්න තේරුම් ගැනීමට හැකි වන්නේ එක් ගැලුමක මිල ඇමරිකානු ඩොලර් 60,000 වෙන නිසාවෙනි. Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ ඇති ප්‍රයෝජනය නම් ශරිරයේ ඇති විෂ සහිත බැක්ටීරියා වලට සුවිශේෂී ලෙස සංවේදී වන වැදගත් ප්‍රතිශක්තිකරණ හැකියාව කකුළුවාගේ රුධිරයේ ඇති සෛල වල අඩංගු වේ. එම සෛල ආක්‍රමණික බැක්ටීරියා හමු වූ විට, ඒවා වටා කැටි ගැසී කකුළුවාගේ ශරීරයේ ඉතිරි කොටස් විෂ සහිත බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි. මෙම තාක්ෂණය 1970 සිට භාවිතා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. මිනිසුන්ට එය යොදා ගන්නේ , එන්නත් මගින් සරම්ප ඇතුළු සියලු ආකාරයේ බැක්ටීරියා මගින් වැලදෙන රෝග වලින් ආරක්ෂා කිරිමට අවශ්‍ය එන්නත් හා ඖෂධ නිපදවීමට මෙම Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධි

හැකරැල්ලන් ඇඟ උලාගන්නා වඳුරෝ !

➤හැකරැල්ලන් ඇඟ උලාගන්නා වඳුරෝ! වඳුරන් කියන්නෙ සමාජශීලි ලෙස ජීවත්වීමට කැමති තවත් සත්ත්ව කොට්ඨාශයක්. ඔවුන් අතර මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුදු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දකුණු ඇමරිකාව තම වාසස්ථානය කරගත් කැපුචින් වඳුරන් හැකරැලි විශේෂයක් භාවිතාකොට මත්වීමේ පිළිවෙතක් අනුගමනය කරනවා. ඇතැම් හැකරැල්ලන් විශේෂ විෂ සහිත සංයෝගයන් නිකුත් කරන අතර, ඒ විෂ හේතුවෙන් භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති වෙනවා. කැපුචින් වඳුරන් සමූහ වශයෙන් එක්වී හැකරැල්ලන් තම ශරීර මත උලා ගැනීමෙන් මේ විෂ තම ශරීරය මත තවරා ගන්නා අතර, රංචුවේ එකිනෙකා අතර හැකරැල්ලන් හුවමාරු කරගැනීමකුත් සිදුවෙනවා. මූලිකවම කරදරකාරී කෘමීන්ගෙන් ගැලවීමට ඔවුන් මේ පිළිවෙත අනුගමනය කළත්, ඒ හරහා ඔවුන් අතුරු වාසියක් ලෙස මත්වීමත් බලාපොරොත්තු වෙනවා.  මේ හැකරැල්ලන්ගේ විෂ තුළ සයනයිඩ් අඩංගු වෙන අතර, ඒවා වඳුරන්ටත් මාරාන්තික යි. නමුත් ඔවුන් අවදානම නොතකමින්, සාමූහික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා වෙන සාදයක් ආකාරයෙන් මේ විෂ ඇඟ ගල්වා ගැනීම සිදුකරනු ලබනවා. මෙම හැසිරීම් රටාව ලීමරයා නමැති සත්ත්ව විශේෂය තුළිනුත් දැකිය හැකියි. ලීමරයන් මේ හැකරැල්ලන් භාවිතා කරන අන්දම ඔබට මෙතනින් නැරඹිය හැකියි.