➤අයාම් සෙමානි (Ayam Cemani)
අයාම් සෙමානි කියන නමින් හඳුන්වන මුළු ශරීරයම කළු පැහැ ගැන්වුණ මෙම කුකුල් විශේෂයේ අභිජනනය ආරම්භ වෙන්නේ ඉන්දුනීසියාවෙන්.
මෙම සත්ව විශේෂය එතරම් විශාල නොවේ. වැඩුණු සත්වයෙක් උපරිම වශයෙන් කිලෝ 2.5ක් පමණ වෙයි.
එමෙන්ම මොවුන් අනෙක් කුකුලන් මෙන් වැඩිය බිත්තර දමන්නේද නැත. වාර්ෂිකව බිත්තර 80ක පමණ ප්‍රමාණයක් පමණක් මොවුන් සපයනු ලබයි.
මොවුන් සම්බන්ධව ඇති වැදගත්ම කරුණ නම් පිහාටු, හොට, දිව, ඇටකටු, අභ්‍යන්තර අවයව මෙන්ම මොවුන්ගේ මාංශද කලු පැහැයක් ගැනීමයි. එයට හේතුව හයිපර්පිග්මන්ටේෂන් නම් ජාන වෙනස්වීමයි.
ඉන්දුනීසියාවේ වැසියන් මේ සත්ව විශේෂය ගැන යම් යම් අන්ධ විශ්වාසයන් පවා තබාගෙන ඉන්නවා.
ඔවුන් විශ්වාස කරන අන්දමට මේ සත්වයන්ට යම් ඉන්ද්‍රජාලික බලයක් ඇති බවත් මේ සත්වයන් බිල්ලක් වශයෙන් පිදූ විට දෙවියන් සතුටු කිරීමට හැකියාවක් තිබෙන බවත් ඉන්දුනීසියානුවන්ගේ මතයයි.
කෙසේ නමුත් කලාතුරකින් මොවුන් මෙම සත්ව මාංශ ආහාරයට ගනු ලබන්නේ අනුසස් ලැබීමේ අරමුණින් බවත් සඳහන් වෙනවා...
Comments
Post a Comment