➤හැකරැල්ලන් ඇඟ උලාගන්නා වඳුරෝ!
වඳුරන් කියන්නෙ සමාජශීලි ලෙස ජීවත්වීමට කැමති තවත් සත්ත්ව කොට්ඨාශයක්. ඔවුන් අතර මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ පුරුදු දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දකුණු ඇමරිකාව තම වාසස්ථානය කරගත් කැපුචින් වඳුරන් හැකරැලි විශේෂයක් භාවිතාකොට මත්වීමේ පිළිවෙතක් අනුගමනය කරනවා.
ඇතැම් හැකරැල්ලන් විශේෂ විෂ සහිත සංයෝගයන් නිකුත් කරන අතර, ඒ විෂ හේතුවෙන් භ්‍රාන්තිමය තත්ත්වයක් ඇති වෙනවා. කැපුචින් වඳුරන් සමූහ වශයෙන් එක්වී හැකරැල්ලන් තම ශරීර මත උලා ගැනීමෙන් මේ විෂ තම ශරීරය මත තවරා ගන්නා අතර, රංචුවේ එකිනෙකා අතර හැකරැල්ලන් හුවමාරු කරගැනීමකුත් සිදුවෙනවා. මූලිකවම කරදරකාරී කෘමීන්ගෙන් ගැලවීමට ඔවුන් මේ පිළිවෙත අනුගමනය කළත්, ඒ හරහා ඔවුන් අතුරු වාසියක් ලෙස මත්වීමත් බලාපොරොත්තු වෙනවා.
මේ හැකරැල්ලන්ගේ විෂ තුළ සයනයිඩ් අඩංගු වෙන අතර, ඒවා වඳුරන්ටත් මාරාන්තික යි. නමුත් ඔවුන් අවදානම නොතකමින්, සාමූහික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා වෙන සාදයක් ආකාරයෙන් මේ විෂ ඇඟ ගල්වා ගැනීම සිදුකරනු ලබනවා.
මෙම හැසිරීම් රටාව ලීමරයා නමැති සත්ත්ව විශේෂය තුළිනුත් දැකිය හැකියි. ලීමරයන් මේ හැකරැල්ලන් භාවිතා කරන අන්දම ඔබට මෙතනින් නැරඹිය හැකියි.
https://www.youtube.com/watch?v=-LwQ0ZiTYkQ
✎ ꜱʟ ᴀɴɪᴍᴀʟ ᴘʟᴀɴᴇᴛ
😊
ReplyDelete