කාකපෝ ගිරවා
ගිරවුන් අතරින් අලසම හා පියාසර කිරීමේ හැකියාවෙන් තොර මෙම ගිරවුන් නිශාචර ගිරා විශේෂයකි. රාත්‍රී කාලයේ ආහාර සොයායන නිසාත්, මුහුණේ බකමුනෙකුගේ බඳු පිහාටු මඩලක් ඇති නිසාත් මොවුන් "බකමුණු ගිරවා" (owl parrot) ලෙස ද හඳුන්වයි.
දිගින් අඩි දෙකක් පමණ වන අඳුරු පැහැති ඉරි සහිත සිරුරක් හිමි මොවුන් මේ වන විට ලොව දුලබම ගිරා විශේෂයක් ලෙස සැලකෙයි.
දිවා කාලයේ ගස් වල මුල් මත තිබෙන ස්වභාවික කුහර තුළ ලැග සිටින කාකපෝ ගිරවා වනබිම් හා තෘණබිම් මත රිසිසේ දිවයමින් රිසි ප්‍රදේශවලට ගමන් කරයි. මෙලෙස ගමන් කරන අතර එම මාර්ගය යලි සොයාගැනීම සඳහා මග දෙපස කුඩා ශාක හොටයෙන් කපාදැමීම කාකපෝ ගිරවුන්ගේ සුවිශේෂී පුරුද්දයි.
ලපටි ශාක පත්‍ර , කුඩා ඵල වර්ග මොවුන්ගේ ප්‍රියතම ආහාරයයි. පලතුරු වල යුෂ මිරිකා බීමෙන් පසු එය රොඩු ගුලියක් ලෙස ඉවත දැමීමද සුලභ පුරුද්දකි.
අභිජනන සමය ජනවාරි සිට මැයි දක්වා කාලයයි. සුදු පැහැති බිත්තර 2-4 පමණ වරකට බිජෞෂණය (බිත්තර රැකීම) කරයි. ගස්වල මුල් අතර ස්වභාවික ගල් හෝ තමා විසින් හාරාගන්නා ලද ගුල් වල බිත්තර රැකීම කරයි. නවසීලන්තයේ වෙරළ, වනාන්තර (beech fagus) වල පමණක් මොවුන් ජීවත් වේ.
✎ ꜱʟ ᴀɴɪᴍᴀʟ ᴘʟᴀɴᴇᴛ
Comments
Post a Comment