මත් වෙන්න හතු සොයන පිනිමුවා
නැගෙනහිර යුරෝපයේ ජීවත්වන පිනිමුවන් විශේෂයක් අතරේ එක්තරා හතු විශේෂයක් ප්‍රචලිත වෙලා තිබෙනවා. ඇමනීටා මුස්කරියා ලෙසින් හඳුන්වන මේ හතු විශේෂය, දීප්තිමත් රතු පැහැයක් ගන්නවා. මිනිසුන්ට මාරාන්තික වන මේ හතු විශේෂය අනුභව කිරීමෙන් කරකැවිල්ල සහ මනෝ භ්‍රාන්තිමය තත්ත්වයක් හරහා ගොස් මරණීය ප්‍රතිඵල අත්කර දෙනවා.
මිනිසුන්ට මේ හතු කොතෙක් විෂ සහිත වුණත්, පිනිමුවන්හට මේ හතු පහසුවෙන් හා අනතුරකින් තොරව ජීර්ණය කිරීමේ හැකියාවක් තිබෙනවා. හිම තට්ටුවලට යටවුණු මේ හතු විශේෂය ඔවුන් පාදවලින් හාරා මතු කරගෙන ගිජු ලෙස අනුභව කරන්නේ, මෙම ඇමනීටා විෂ පිනිමුවන්ට මහත් ප්‍රමෝදයක් අත්කර දෙන මත්කාරකයක් ලෙස ක්‍රියා කරන නිසා යි.
ඇමනීටා හතු සහ පිනිමුවන් අතර තිබෙන සබැඳියාව ගැන වීඩියෝව මෙතනින් නරඹන්න.
.https://www.youtube.com/watch?v=MkCS9ePWuLU
Comments
Post a Comment