Skip to main content

ටොඩ්ෆිෂ් (toadfish)

 ✺ටොඩ්ෆිෂ් (toadfish)

ටොඩ්ෆිෂ් කියන්නේ බැට්රචොයිඩයිෆෝම්ස් ගෝත්‍රයට අයත් බැට්රචොයිඩයිඩේ යන පවුලේ විශේෂ 80කින් පමණ සමන්විත මුහුදු පතුලේ ජීවත්වන මත්ස්‍ය විශේෂයක්. ඔවුන් ප්‍රධාන වශයෙන් උණුසුම් ජලය සහිත මුහුදේ සහ ඉඳහිට මිරිදිය ජලයේ දක්නට ලැබෙනවා.

Tetractenos hamiltoni යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් common toadfish, common toado ලෙස ද හැඳින්වෙනවා. මොවුන් තරමක් පිළිකුල් සහගත හා භයානක පෙනුමකින් යුක්තයි. 

මොවුන්ට පුළුල් හිසක් සහ විශාල මුඛයක් හිමිව ඇති අතර මුඛය වටා සමක් තිබෙනවා. ටෝඩ්ෆිෂ් පුළුල්, පැතලි හිස් සහ ශක්තිමත් දත් සහිත විශාල මුඛ තිබෙන බරැති මසුන්. ඔවුන් උපරිම වශයෙන් සෙන්ටිමීටර 40 (අඟල් 16) දක්වා වර්ධනය වන අතර කුඩා ප්‍රමාණයන්ගෙන් යුක්ත වනවා. ඒ වගේම මෙම මත්ස්‍යයින්ට වෙනත් මුහුදු ජිවින්ට ඇසෙන ලෙස රළු ශබ්ද නිපදවිය හැකියි.

සමහර ටොඩ්ෆිෂ්ලාගේ දෙපැත්තේ හා බඩේ සැහැල්ලු අවයව ඇති අතර ඒවායේ වරල් සහ විෂ සහිත කොඳු ඇට පිහිටා තිබෙනවා. ටෝඩ්ෆිෂ්ගේ විෂ මිනිසා දන්නා ඉතා භයානක විෂ වලින් එකක් වන අතර එය black-widow spider මකුළුවන්ගේ විෂ මෙන් 100 ගුණයක් මාරාන්තික වනවා. මෙම මසුන්ගේ විෂ සඳහා මෙතෙක් ඖෂධයක් නැහැ.

එමෙන්ම මොවුන්ගේ සම ස්පර්ශ කළත් එය දෂ්ටනයක් ලෙස හැඟෙන බවට කියැවෙනවා. කෙසේවෙතත් මෙය සත්‍යයක් දැයි තීරණය කිරීමට වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වනවා. මොවුන්ගේ මාංශ වල විෂ අඩංගු බැවින් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි.

ටොඩ්ෆිෂ් මුහුදු පතුලේ වාසය කරන නිසා ඒ ආශ්‍රිත සිටින සත්ත්වයින් වන කුඩා කකුළුවන් හා කුඩා ක්‍රස්ටේශියාවන් තමයි ආහාරයට ගන්නේ. කෙසේවෙතත්, මොවුන් මොලුස්කාවන් හා කුඩා මත්ස්‍යයින් ද ආහාරයට ගනු ලබනවා.

මොවුන් වාසය කරන ප්‍රදේශ ආශ්‍රිතව සිටින සමහර ඇන්ග්ලර් ෆිෂ් (angler fish ) ජීවින් කිසිදු හේතුවක් නොමැතිව විනෝදයට මෙන් ටොඩ්ෆිෂ්ලාව අනුභව කරනවා. ඔවුන් නොදැනුවත්ව ටොඩ්ෆිෂ් ආහාරයට ගැනීමෙන් ටොඩ්ෆිෂ්ගේ සිරුරේ පවතින විෂ නිසා පසුව ඇන්ග්ලර් ෆිෂ් ජිවින්ට බොහෝවිට අත්වන ප්‍රතිපලය තමයි මරණය !


Comments

Popular posts from this blog

Horseshoe කකුළුවන්ගේ නිල්පාට ලේ

ගැලුමක් ඩොලර් 60,000 වටින Horseshoe කකුළුවන්ගේ නිල්පාට ලේ Horseshoe කකුළුවෙක් රුධිරය ලබාගැනීම අවුරුදු මිලියන 450 ක් පමණ පවතිනවා යැයි කියන Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ හිමෝග්ලොබින් වෙනුවට අඩංගු නැති අතර එමගින් ඔවුන්ගේ රුධිරයට අද්විතීය වර්ණයක් ලබා දෙයි. Horseshoe Crab වර්ගයේ කකුළුවන්ගේ රුධිරය වෛද්‍ය ක්ෂ්ත්‍රයට කොතරම් වටිනවාද යන්න තේරුම් ගැනීමට හැකි වන්නේ එක් ගැලුමක මිල ඇමරිකානු ඩොලර් 60,000 වෙන නිසාවෙනි. Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධිරයේ ඇති ප්‍රයෝජනය නම් ශරිරයේ ඇති විෂ සහිත බැක්ටීරියා වලට සුවිශේෂී ලෙස සංවේදී වන වැදගත් ප්‍රතිශක්තිකරණ හැකියාව කකුළුවාගේ රුධිරයේ ඇති සෛල වල අඩංගු වේ. එම සෛල ආක්‍රමණික බැක්ටීරියා හමු වූ විට, ඒවා වටා කැටි ගැසී කකුළුවාගේ ශරීරයේ ඉතිරි කොටස් විෂ සහිත බැක්ටීරියා වලින් ආරක්ෂා කරයි. මෙම තාක්ෂණය 1970 සිට භාවිතා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. මිනිසුන්ට එය යොදා ගන්නේ , එන්නත් මගින් සරම්ප ඇතුළු සියලු ආකාරයේ බැක්ටීරියා මගින් වැලදෙන රෝග වලින් ආරක්ෂා කිරිමට අවශ්‍ය එන්නත් හා ඖෂධ නිපදවීමට මෙම Horseshoe Crab නම් කකුළුවන්ගේ නිල් පැහැති රුධි

➤ ගැට කිඹුලන් (Saltwater Crocodiles)

➤ ගැට කිඹුලන් (Saltwater Crocodiles)  මේ ඡායාරූපයේ සිටින්නේ ප්‍රමාණයෙන් විශාලත්වය කියන නිර්ණායකයේ පළමු තැන ගන්න කිඹුල් විශේෂයට අයත් සාමාජිකයෙක්. සංසන්දනාත්මක ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් අසල සිටින මනුශ්‍යාගෙන්.  මේ විශේෂය අපි විද්‍යාත්මකව හඳුන්වනවා Crocodylus porosus ලෙස. සෝල්ටීස් කියා කෙටියෙන් හඳුන්වනවා ඉංග්‍රීසී භාෂාවෙන්. සිංහල භාෂාවෙන් ගැට කිඹුලා ලෙස හඳුන්වන්නේ මොවුන්ව. ලංකාව ඉන්දියාව ඇතළු ඉන්දු පැසිපික් සහ ඔස්ට්‍රේලියානු මහද්වීපය පුරාම මොවුන්ගෙ පැතිරීම තියෙනවා. අතිශයින්ම දරුණු වගේම ඉතාමත් නිවැරදි ඉලක්ක ලබාගන්න විලෝපිකයෙක් තමයි ගැට කිඹුලා. ඔවුන් නිරන්තරයෙන්ම සතුන් ගැවසෙන දිය බොන ස්ථානයන් නිරීක්ෂණය කරමින් සතුන්ගෙ හැසිරීම අධ්‍යනය කිරීමෙන් පසු තමයි පහර දෙන්නෙ. ලංකාවෙ ඉන්න අනෙක් විශේෂය නම් මෙතරම් විශාල වන්නෙ නෑ. ඔවුන්ව හඳුන්වන්නේ හැල කිඹුලන් ලෙස (Crocodylus palustris) / Mugger crocodiles.  මිලියන ගනනාවකට දිවෙන ප්‍රාග්ඓතිහාසික යුගයන්වල සිටම මේ විශේෂයන්ගෙ ආදිතමයන් දැරූ දඩයම් උපක්‍රම එතරම් දුරකට වෙනස් වෙලා නැහැ ඊට හේතුව වන්නෙ ඔවුන් එතරම්ම සාර්ථක දඩයම්කරුවන්. ජීවත්වන පාරිසරික නිකේතන සඳහ

අං සහිත පොළඟන් (horned vipers)

➦අං සහිත පොළඟන් (horned vipers) අං සහිත පොළඟුන් කියන්නේ උතුරු අප්‍රිකාවේ කාන්තාරවල සහ නැගෙනහිර අරාබිය සහ ඉරානය හරහා හමුවන කුඩා, විෂ සහිත පොළඟුන් වර්ගයක්‌. විද්‍යාත්මක ව එම පොළගුන්ගේ ගණය cerastes ලෙස හඳුන්වනවා. විශේෂ තුනක් දැනට "ITIS" විසින් හඳුනාගෙන ඇති අතර මෑතකදී විස්තර කරන ලද අතිරේක විශේෂයක් උරග දත්ත ගබඩාව විසින් සොයාගෙන තිබෙනවා. මෙම අං සහිත පොලගුන්ගේ සාමාන්‍ය දිග වන්නේ අඟල් 12 සිට 24 දක්වා ප්‍රමාණයක්. නමුත් අඟල් 33 දක්වා ළඟා වීමට හැකියාව තිබෙනවා.  මෙම අං සහිත පොළඟුන්ට සාමාන්‍යයෙන් මාරාන්තික නොවන නමුත් බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකි දෂ්ට කිරීම් සිදුකිරීමට පුළුවන්. ඔක්ස්ෆර්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව මෙම පොළඟුන්ට විෂ වර්ග 13 කට වඩා තිබෙනවා. මොවුන් විෂ සහිත සර්පයන් නිසා මිනිසුන් සමඟ සමහර අන්තර්ක්‍රියා භයානක බව ඔප්පු කළ හැකියි. කෙසේ වෙතත්, අං සහිත පොළඟන්ගේ වාසභූමියේ සතුරු තත්වයන් හේතුවෙන් මෙම ජීවීන් සමඟ මානව අන්තර්ක්‍රියා තරමක් දුර්ලභ වන අතර බොහෝ දෂ්ට කිරීම් මාරාන්තික නැත. මෙම අං සහිත පොළඟුන් අනෙකුත් විශේෂයන් මෙන්ම මාංශ භක්ෂකයන්. කාන්තාර ආශ්‍රිතව වෙසෙන න