➦අං සහිත පොළඟන් (horned vipers)
අං සහිත පොළඟුන් කියන්නේ උතුරු අප්‍රිකාවේ කාන්තාරවල සහ නැගෙනහිර අරාබිය සහ ඉරානය හරහා හමුවන කුඩා, විෂ සහිත පොළඟුන් වර්ගයක්. විද්‍යාත්මක ව එම පොළගුන්ගේ ගණය cerastes ලෙස හඳුන්වනවා. විශේෂ තුනක් දැනට "ITIS" විසින් හඳුනාගෙන ඇති අතර මෑතකදී විස්තර කරන ලද අතිරේක විශේෂයක් උරග දත්ත ගබඩාව විසින් සොයාගෙන තිබෙනවා.
මෙම අං සහිත පොලගුන්ගේ සාමාන්‍ය දිග වන්නේ අඟල් 12 සිට 24 දක්වා ප්‍රමාණයක්. නමුත් අඟල් 33 දක්වා ළඟා වීමට හැකියාව තිබෙනවා.
මෙම අං සහිත පොළඟුන්ට සාමාන්‍යයෙන් මාරාන්තික නොවන නමුත් බරපතල ප්‍රතිවිපාක ගෙන දිය හැකි දෂ්ට කිරීම් සිදුකිරීමට පුළුවන්. ඔක්ස්ෆර්ඩ් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාවේ පළ වූ වාර්තාවකට අනුව මෙම පොළඟුන්ට විෂ වර්ග 13 කට වඩා තිබෙනවා. මොවුන් විෂ සහිත සර්පයන් නිසා මිනිසුන් සමඟ සමහර අන්තර්ක්‍රියා භයානක බව ඔප්පු කළ හැකියි. කෙසේ වෙතත්, අං සහිත පොළඟන්ගේ වාසභූමියේ සතුරු තත්වයන් හේතුවෙන් මෙම ජීවීන් සමඟ මානව අන්තර්ක්‍රියා තරමක් දුර්ලභ වන අතර බොහෝ දෂ්ට කිරීම් මාරාන්තික නැත.
මෙම අං සහිත පොළඟුන් අනෙකුත් විශේෂයන් මෙන්ම මාංශ භක්ෂකයන්. කාන්තාර ආශ්‍රිතව වෙසෙන නිසා මොවුන්ගේ ආහාරය මූලික වශයෙන් සමන්විත වන්නේ මීයන් වැනි කෘදන්තයින් හා කටුස්සන්ගෙන්. මූලික වශයෙන් කටුස්සන් පමණක් නොව ශුෂ්ක පරිසරයේ වාසය කරන ක්ෂීරපායින් හා පක්ෂීන් පවා මොවුන් ගොදුරු කර ගනු ලබනවා. එක කටකින් මොවුන්ට තමන්ගේ ගොදුර ගිල දැමීමට පුළුවන් !
දැන් මොවුන්ට තිබෙන සුවිශේෂී ලක්ෂණය තමයි හිමිව ඇති අං යුගල. මෙම අං මගින් පොළඟාගේ ඇස් තුවාල වලින් ආරක්ෂා වීමට හා වැලි යට සැඟවීමට දායක වෙනවා. සමහර පරිසර විද්‍යාඥයන්ගේ අදහසට අනුව මෙම අං මොවුන්ට වැලි සහිත පරිසරයේ ඇස් ආරක්ෂා කරගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම ඒ අං යුගල ඔවුන්ගේ හිසට අක්‍රමවත් සිලුවටයක් ලෙස ද ක්‍රියා කරනවා.
අං සහිත කාන්තාර පොළඟාට ඔවුන්ගේ සිරුර වේගයෙන් දෙපැත්තට ගමන් කරවීමෙන් වැලි තුලට වේගයෙන් කිඳා බැසීමට පුළුවන්. එවිට ඔවුන්ගේ හිස සහ ඇස් පමණක් පෙනේ. මොවුන්ගේ පැහැයත්, කාන්තාර වැලි වල පැහැයත් සමාන බැවින් මොවුන් වැලි වල සැඟවී සිටිනවා දැයි දැක ගැනීම අපහසුයි. එය මෙම අං සහිත පොළඟුන්ට කාන්තාර පරිසරයේ ජීවත්වීම සඳහා ලැබී ඇති සුවිශේෂී අනුවර්තනයක්.
Comments
Post a Comment