✺ටොඩ්ෆිෂ් (toadfish) ටොඩ්ෆිෂ් කියන්නේ බැට්රචොයිඩයිෆෝම්ස් ගෝත්‍රයට අයත් බැට්රචොයිඩයිඩේ යන පවුලේ විශේෂ 80කින් පමණ සමන්විත මුහුදු පතුලේ ජීවත්වන මත්ස්‍ය විශේෂයක්. ඔවුන් ප්‍රධාන වශයෙන් උණුසුම් ජලය සහිත මුහුදේ සහ ඉඳහිට මිරිදිය ජලයේ දක්නට ලැබෙනවා. Tetractenos hamiltoni යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මොවුන් common toadfish, common toado ලෙස ද හැඳින්වෙනවා. මොවුන් තරමක් පිළිකුල් සහගත හා භයානක පෙනුමකින් යුක්තයි. මොවුන්ට පුළුල් හිසක් සහ විශාල මුඛයක් හිමිව ඇති අතර මුඛය වටා සමක් තිබෙනවා. ටෝඩ්ෆිෂ් පුළුල්, පැතලි හිස් සහ ශක්තිමත් දත් සහිත විශාල මුඛ තිබෙන බරැති මසුන්. ඔවුන් උපරිම වශයෙන් සෙන්ටිමීටර 40 (අඟල් 16) දක්වා වර්ධනය වන අතර කුඩා ප්‍රමාණයන්ගෙන් යුක්ත වනවා. ඒ වගේම මෙම මත්ස්‍යයින්ට වෙනත් මුහුදු ජිවින්ට ඇසෙන ලෙස රළු ශබ්ද නිපදවිය හැකියි. සමහර ටොඩ්ෆිෂ්ලාගේ දෙපැත්තේ හා බඩේ සැහැල්ලු අවයව ඇති අතර ඒවායේ වරල් සහ විෂ සහිත කොඳු ඇට පිහිටා තිබෙනවා. ටෝඩ්ෆිෂ්ගේ විෂ මිනිසා දන්නා ඉතා භයානක විෂ වලින් එකක් වන අතර එය black-widow spider මකුළුවන්ගේ විෂ මෙන් 100 ගුණයක් මාරාන්තික වනවා. මෙම මසුන්ගේ විෂ සඳහා මෙතෙක් ඖෂධය
✺ලොව කුඩාම කටුස්සා මෙතෙක් සොයා ගෙන ඇති ලොව කුඩාම කටුස්සා මැඩගස්කරයේ ජනයා නොමැති වැසි වනාන්තර ප්‍රදේශයකින් සොයා ගැනීමට සමත් වී ඇති අතර ඔවුන් nano chemeleon ලෙස නම් කර තිබෙනවා. ගැහැණු කටුස්සෙකුගේ මුළු දිග මි.මි 29 වන අතර පිරිමි කටුස්සෙකුගේ මුළු දිග මි.මි 22කි. එනම් පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා කුඩායි. මියුනිච් හි බැවේරියානු ප්‍රාන්ත සත්ව විද්‍යා එකතුවට අනුව දන්නා උරග විශේෂ 11,500 ක් අතරින් කුඩාම විශේෂය වේ. සාමාන්‍යයෙන් කටුස්සන් කැමිලියන් (Chameleaon) යන ගෝත්‍රයට අයත් වන අතර මෙම විශේෂය සොයා ගැනීමේ දී තවත් විශේෂ හතරක් පමණ සොයා ගැනීමට හැකි වී තිබෙනවා. මෙම විශේෂ හතර පොදුවේ බෲකේසියා ගණයට (Brookesia) අයත් වන්නන්. ඔවුන් ලීෆ් කැමිලියෝන් (Leaf Chameleons) යන නාමයෙන් හඳුන්වනු ලබයි. කැමිලියන්ස් ස්වභාවයෙන්ම කුඩා කටුස්සන් ය. ප්‍රමාණය හිසේ සිට වලිගය තෙක් අඟලකට වඩා දිග නැත. ස්වභාවයෙන්ම කැමිලියන්ස් පරිසරයට අනුවර්තනය වීම සඳහා සිරුරේ පාට වෙනස් කර තබා ගැනීමේ සත්ව කාණ්ඩ අතරින් ප්‍රසිද්ධියක් ලබා සිටියත් මෙම සොයාගත් කුඩා කටුසු විශේෂයට තම සිරුරේ පාට වෙනස් කර ගැනීමට හැකියාවක් නොමැති අතර මෙම ලක්ෂණය පර්යේෂ